gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

Online Users

gossip lanka gossip lanka gossip lanka

මේ සංසාර පුරුද්දද..?ලේ සුවඳ නිසාද කියන්න දන්නේ නෑ.. අලුත් කුමාරයාගේ හොඳම මිතුරා ගැන මාධවීගෙන් සටහනක්.. (PHOTOS)

ඕනෑම පවුලක සහෝදර බැඳීමට ලැබෙන්නේ විශේෂ තැනක්..

ඒක ඇන්තනී පවුලෙත් එහෙම්මමයි..

සජිත, අඛිල, මාධවී එක කුස උපන් සහෝදර සහෝදරියෝ.. දැන් එයාලා ලොකු වෙලා..

එයාලාගෙන් පස්සේ පරම්පරාවේ හුරතල් බලනවා.. මේ අන්න  ආරදණීය, අත්දැකීම ගැන මෙන්න් මේ විදිහට ඇය බෙදාගෙන තිබුණා..

යන්තන් මාස ගානෙන් පොඩි මල්ලිගෙ අයියා වෙච්චි මගෙ සුදු මහත්තයා තියෙටර් එකට ගන්න කළිනුත් මල්ලි බන්ඩිය දෑතින් බදාගෙන හිටියා වගේ, දැක්ක තැන මල්ලිට උම්මා දෙන්න පණිනවා.. ඒ සංසාර පුරුද්දක් නිසාද, කිරි සුවඳ නිසාද, ලේ සුවඳ නිසාද කියලා නම් දන්නෙ නෑ හැබැයි දවසක මල්ලිට අයියා යෝධ හයියක් වෙයි කියලා විතරක් විශ්වාසයි!

කට්ටි පැන පැන හිටපු අම්මයි දුවයි...මාකඳුරේ මදූෂ්ගේ ලොකු අම්මාගේ නිවසේ සිටියදී අත්අඩංගුවට .....කරලා තියෙන දේවල් ඇහුවොත් පුදුම හිතෙයි....

මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැලකට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු එහි සේවකයාගේ අවධානය වෙනතකට යොමුකර රුපියල් 365,000ක පමණ වටිනාකමින් යුත් රන් භාණ්ඩ සොරාගෙන තිබෙනවා.

මෙම සොරකමට සම්බන්ධ සැකකාර කාන්තාවන් දෙදෙනා මව සහ දියණිය බවත්, මොවුන් පදිංචිය කාලයෙන් කාලයට වෙනස් කරන අය බවටත්, මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කළ කෑගල්ල පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්‍යංශය විසිනුයි අනාවරණය කරගෙන ඇත්තේ.

එමෙන්ම පසුව ඔවුන් මාතර ප්‍රදේශයේ සිටින බවටයි පොලිසිය තහවුරු කරගෙන තිබෙන්නේ.

ඒ අනුව, මෙම සැකකාරියන් සොයා මාතර මාකඳුර ප්‍රදේශයේ කළ සොයා බැලීමේදී මාකඳුරේ මදුෂ් නැමැත්තාගේ ලොකු අම්මාගේ නිවසේ ඔවුන් සැඟවි සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දෙදෙනා කොළඹ, දඹුල්ල, මඩකළපුව, වැල්ලවාය, ගම්පහ තෙල්දෙණිය, මාතර, හොරණ අධිකරණවල පවතින රන්භාණ්ඩ සෝරකම් කිරීම සඳහා වරෙන්තු නිකුත්කර ඇති සැකකාරියන් බවත්, ගම්පහ පොලිස් වසමේ රන්භාණ්ඩ සොරකමකට සොයමින් සිටි දෙදෙනකු බවටත්, හදුනාගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා විසින් සොරකම් කරන ලද රන්භාණ්ඩ කොළඹ ප්‍රදේශයේ රන්භාණ්ඩ අලෙවිසැලකට අලෙවි කර තිබියදීයි පොලිසිය සොයාගෙන ඇත්තේ.

සැකකාරියන් දෙදෙනා සමග සොයාගත් රන්භාණ්ඩ මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු, හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා දෙසැම්බර් 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි ඊයේ (09) නියෝග කර තිබෙනවා.

කඩුවෙලදී කාන්තාවක් යටකර මරා දැමීමට ගත් උත්සාහයක් පොලිසිය මැදිහත් වී වළක්වයි

කඩුවෙල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කිරීමට යතුරුපැදියකින් යමින් සිටි කාන්තාවක් යටකරගෙන යෑමට උත්සාහ කළ මෝටර් රථයකට පොලීසිය අද අලුයම වෙඩි තබා තිබේ.

අනතුරක් සිදු කර ඝාතනය කිරීමේ අරමුණින් පසුපසින් පැමිණි මෝටර් රථයක් පිළිබඳ එම කාන්තාව කඩුවෙල පොලිසියට දන්වා ඇත.

එම තොරතුර මත කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් ක්‍රියාත්මක වී රථය නැවැත්වීමට උත්සාහ කර ඇතත් එම රථය පොලිස් නිලධාරීන් යටකරගෙන යෑමට ද උත්සාහ කර ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියකු රථයට වෙඩි තබා ඇතත් එය ප්‍රදේශයෙන් පළාගොස් තිබිණි.

යතුරුපැදියේ 38 හැවිරිදි කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ රෝහලට ඇතුළත් කර ඇත.

මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.

බිරිඳගේ පරණ පෙම්වතා අනියම් පෙමේ කොටස් කරුවෙක් වෙයි.. කරකියාගන්න දෙයක් නැතිව අසරණ වූ ඔහුට දෙනෝදාහක් ඉදිරියේ වුණ දේ මෙන්

සමහර විට මේ කියන දේ අදහාගන්නත් බැරිවේවි.. ආදරයේදී මේ තරම් වංචාවක්.. ඒත් එක්කම මේ තරම් ලොකු රැවටීමක්..

ඇය කොහොම නම් මේ දේවල් දරාගනිවිද..?

අනියම් පෙම්වතියගේ උපන්දිනය වෙනුවෙන් තෑග්ගක් මිලදී ගැනීමට කඩයට පැමිණි තරුණයෙකු මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව අපූරු පුවතක් වාර්තා වෙනවා...

රජයේ රැකියාවක නිරත වන ඔහු දැනට වසර දෙකකට පමණ පෙර විවාහ වූ තැනැත්තෙක්..

මේ අතරතුර සිය රැකියා ස්ථානයට අලුතින් පැමිණි තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන්ගත් ඔහු ඇයට අවශ්‍ය දේ මිලට ගැනීමට වියදම් පවා සිදු කොට ඇත්තේ, තමා විවාහක බව ඇයට සඟවමින්...

මේ අතර පසුගියදා ඇගේ උපන්දිනය යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ඇයට තෑග්ගක් මිලට ගැනීමට ඔහු නගරයේ වෙළඳ සැලකට පැමිණ තිබෙනවා..

උපන්දිනය දවසේදී පෙම්වතියට තෑග්ගක් ලබා දී ඇයව සතුටු කිරීමට සිතා කාටත් හොරෙන් වෙළඳසැලට පැමිණි ඔහු පුදුම වී ඇත්තේ සිය පෙම්වතියද එම වෙළඳසැලේදීම හමුවීම නිසයි..

තමා සැමියා සමඟ එහි පැමිණි බව ඇය විසින් පවසා තිබෙනවා..

තමා විවාහ වී සිටින පෙම්වතා හඳුන්වාදීමේ අරමුණෙන් ඇයට එහිදී කතා කොට ඇති අතර,තරුණයාගේ දෙලොව රත් වී ඇත්තේ එම තරුණයා කවුරුන්ද යන්න දුටු විටයි.

ඒ අන් කවරෙකුත් නොව තමාගේ විවාහක බිරිඳගේ පෙර පෙම්වතා බව දුටු ඔහු කිසිවක් කරකියා ගත නොහැකිව සියල්ලම හෙළිකොට තිබෙනවා...

"දෙවියනේ දොස්තර කෙනෙක් ළඟට ගිහින් කන්‍යාවක් ද කියලා දැන ගන්න..." - මධුසමය දා ඇඳ ඇතිරිල්ලේ රතු පැල්ලම සොයපු දෙමව්පියෝ...

"මගේ ජීවිතේ ඒ තරම් ලැජ්ජාවට පත් වූ තවත් දවසක් නැහැ." ඇය අතීතය සිහිපත් කළාය.
"මම දන්නවා දැන් මම විවාහකයි කියල. මධු සමය දවසෙ මේ දේ සිද්ධ වෙනවා කියලත් මම දැනගෙන හිටියා. ඒත් ඒ වෙලාවේ මට හිත හදා ගන්න බැරි වුණා."

එල්මිරා (ඇයගේ සැබෑ නම නොවේ) එවකට 27 හැවිරිදි ය. සරසවි අධ්‍යාපනය නිම කර රැකියාව ආරම්භ කළා පමණි.

ඇයට ස්වාමි පුරුෂයා සොයා දෙන ලද්දේ ඇයගේ දෙමාපියන් විසිනි.

"මගේ අම්මව සතුටු කරන්න ඕන නිසා මම ඒ විවාහයට කැමති වුණා," එල්මිරා පවසන්නීය.

"එයා අපේ අසල්වාසියෙක්. මට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. එයා ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. කිසි ම ගැලපීමක් නැහැ."

"මගේ සහෝදරයා මාව එයාට හඳුන්වල දුන්න. මම අසල්වැසියෙක් විවාහ කර ගන්න එක ගැන අම්ම හරිම සතුටින් හිටියේ. ළඟ පාත නිසා අම්මට මාව නිතර ම දකින්න පුළුවන් නේ."විවාහයක් කර ගැනීම සඳහා තව ම සූදානමක් නොමැති බව එල්මිරා සිය මවට දැනුම් දුන්නාය. මව ඒ බව සිය ඥාතීන්ට දැනුම් දුන්නාය.

ඇය කන්‍යාභාවය අහිමි කර ගෙන ඇති හෙයින් එම තීරණයට පැමිණ ඇතැයි යන සැකය ඔවුන් තුළ මතු වීම නිසා එල්මිරා ට දැඩි පීඩනයක් එල්ල විය.

නමුත්, ඇත්ත වශයෙන් ම ඇය මුලින් ම ලිංගිකව එක් වී ඇත්තේ මධුසමයේ පළමු රාත්‍රියේය.

එය තමන් ගේ පළමු අත්දැකීම බව තම ස්වාමි පුරුෂයා දැන සිටියේය. නමුත්, ඒ මොහොතේ එල්මිරාගේ හැඟීම් පිළිබඳව ඔහු ගේ තැකීමක් නොවීය. මේ ඇයගේ පැහැදිලි කිරීමයි.

නව යුවළ ගේ පළමු එක්වීම සහ මනාලියගේ කන්‍යාභාවය වෙනුවෙන් සාක්ෂි දැරීම සඳහා ඉහත කී ස්ත්‍රීන්ගේ සහභාගිත්වය සම්ප්‍රදායානුකූලව සිදු විය.

පළමු රාත්‍රියට සාක්ෂි දැරීම සහ  ඇඳ ඇතිරිල්ල 'පෙරෙට්ටුවට' තැබීම අසර්බයිජානයේ පිටිසර පෙදෙස්වල බහුලව දක්නට ලැබෙන චාරිත්‍රයක් බව එරට මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.
 
ඇතැම් විට විවාහ මංගලෝත්සවයට පෙර "විශේෂඥයෙකු" විසින් මනාලියගේ කන්‍යාභාවය පරීක්ෂා කරනු ලැබේ.
 
ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංවිධාන මෙම පිළිවෙත ප්‍රශ්න කරති. ඊට තිත තැබිය යුතු බව එක්සත් ජාතීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
 
ඇඳ ඇතිරිල්ලේ සාක්‍ෂිය සොයන සම්ප්‍රදාය තවමත් රටවල් 20ක පමණ ක්‍රියාත්මක වන බවත් එය කාන්තාවට නින්දා පමුණුවන අප්‍රසන්න දෙයක් බවත් එම සංවිධාන පවසති.
 
ඔවුන් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ "කන්‍යාභාවය" (virginity ) නමින් කිසිදු සංකල්පයක් වෛද්‍ය විද්‍යාවේ නොමැති බවත් සමාජයීය, සංස්කෘතික සහ ආගමික චින්තනය මත පමණක් එම සංකල්පය පවතින බවත්ය.
 
එල්මිරා සිය මධුසමයේ පළමු රාත්‍රිය පුරා වින්දේ බිය, ශාරීරික වේදනාව සහ ලජ්ජාව පමණි.

"මම හොඳට ම බය වෙලා කිසි ම දෙයක් කියා ගන්න බැරිව තනි වෙලා හිටියා. මුළු රෑ ම මම නිදි නැහැ. ඒත් එයා ගණන් ගත්තේවත් නැහැ. අන්තිමේදී හොඳට නිදා ගත්තා."

උදෑසන ම ඇඳ ඇතිරිල්ල රැගෙන යාම සඳහා "සාක්ෂිකාරිය" කාමරයට පැමිණියාය.
......................

"මම දැනගෙන හිටියා දැන් හැමෝම මේ බෙඩ් ෂීට් එක පරීක්ෂා කරනවා කියල," එල්මිරා ඒ බියකරු රාත්‍රිය සිහිපත් කළාය.

නේගාර්, අසර්බයිජානයේ පිටිසර ගම්මානයක තරුණියකි.

විවාහ මංගලෝත්සවයෙන් පසුව ඇයට පළමු රාත්‍රිය ගත කිරීමට ලැබුණේ අල්ලපු කාමරයේ "උපදේශිකාවක" හෝ කිහිප දෙනෙකු පමණක් සිටියදී නොවේ. "මුළු ගම ම" නේගාර්ගේ කුටියේ දොර අබියසට රොක් වී සිටියහ.

"මගේ ජීවිතේ ඒ තරම් ලැජ්ජාවට පත් වූ තවත් දවසක් නැහැ. ඒත් මං හිතුව මේක සාමාන්‍ය දෙයක් කියල."තම ස්වාමි පුරුෂයා සමග ලිංගිකව එක්වීම සඳහා කිසිදු ආශාවක් ඇති නොවූ බව පවසන ඇය කියා සිටියේ, කාමරයේ වසා තිබුණු දොර අද්දරට වී සිටින පිරිස "හුස්ම ගන්නා ශබ්දය පවා" තමන්ට ඇසුණු බවය.

පසු දා උදෑසන ඇයට ද ඇඳ ඇතිරිල්ල ප්‍රදර්ශනය කිරීමට සිදු විය.

එවකට නේගාර් 18 වන වියට පා තැබුවා පමණි. තිස් හැවිරිදි ඇය දැන් දික්කසාද වූ කාන්තාවකි.

තම මංගල රාත්‍රිය පුරා අල්ලපු කාමරයේ සිටි තම ඥාතීන් "විකෘති ආශාවන් ඇති කාමාතුරයන්" බව නේගාර් පවසන්නීය.

අසල්වැසි ආමේනියාවේ ද මීට සමාන විවාහ චාරිත්‍රයක් පවතී. ඇතැම් විට එය ජෝර්ජියාවේත්, කොකේසස් කඳුවැටියේ උතුරුකරයේ පවතින රුසියානු ගම්මාන තුළත් දැකිය හැකිය.
මෙම චාරිත්‍රය හැඳින්වෙන්නේ "රතු ඇපල්" නමිනි. මෙහිදී "සාක්ෂිකාරියක" අල්ලපු කාමරයට පැමිණෙන්නේ නැත.

"රතු ඇපල්" චාරිත්‍රයේදී, තම දියණිය "පතිවත රැකි පිරිසිදු" තරුණියක බව ඔප්පු කිරීම සඳහා මනාලියගේ වැඩිහිටියන්ගෙන් අනෙකුත් ඥාතීන් සහ අසල්වැසියන්ට ආරාධනාවක් ලැබෙනු ඇත.

"ඉතින් මුළු ගම ම එකතු වෙනවා මේ 'නින්දාසහගත චාරිත්‍රය' ඉටු කිරීමට" මානව හිමිකම් ක්‍රියාධාරිනී නිනා කාරාපෙටීයාන්ස් පැවසුවාය.

ආමේනියාවේ පිටිසර පෙදෙස්හි දෙමාපියෝ බොහෝ විට තම දියණිය 18 වියට පා තබද්දී දීග දීමට පෙළඹෙති.

"ඇපල් පරීක්ෂාවෙන්" අසමත් වුවහොත් එම තරුණිය පවුලෙන් ද නෙරපා හැරීමට ඉඩ තිබේ.

ආමේනියාවේ පිටිසර බද ගම්මානයක සිදු වූ එක්තරා සිද්ධියක් එලාඩා ගොරීනා විස්තර කළාය.

"මංගල රාත්‍රියේදී ඇඳ ඇතිරිල්ල බලද්දී ඒකෙ ලේ පැල්ලමක් තිබිල නැහැ. ඉතින් මහ රෑ මැදියමේ මනාලයාගේ පවුලේ අය එකතු වෙලා මනාලියව දොස්තර කෙනෙක් ළඟට අරගෙන ගිහින් තියෙනවා ඇය කන්‍යාවක් ද කියල දැන ගන්න."

මෙවැනි සිදුවීම් නිසා ඇතැම් කාන්තාවන් දීර්ඝ කාලීනව ප්‍රචණ්ඩත්වයට පවා මුහුණ දෙන බවත් ඇය පවසන්නීය.

උපුටා ගැනීම BBC සිංහල වෙබ් පිටුවෙන්...

ඔයත් මකර ලග්න හිමියෙක්ද? මේ සතිය ඔබට කොහොමද බලන්න? ලග්නයෙන් ලග්නය පලාපල මෙන්න

මේ කියන්න යන්නේ අලුත් සතිය ඔබට කොහොමද කියලා...
මේෂ  - ගනුදෙනුවක් සාර්ථකයි
සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

"නාන තොටේදී ඉඟිපානා..." - බුකිය කැළඹූ තරින්දිගේ නුදුටු ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)

තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු ආදරණීය චරිතයක්.

ඉතින් තරින්දි හරි අපූරු photos කිහිපයක් සිය ෆේස් බුක් ගිණුමට එක් කර තිබුණා....

බලන්නකෝ ඒ ලස්සන...

කුරුණෑගලින් අනුරට 12යි! සජිත්ට 3යි!

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය – 651,476

සමගි ජන බලවේගය – 189,394

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 35,236

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 30,072

සර්වජන බලය – 9,999

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 12ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 03ක් හිමිවිය.

කෑගල්ලෙන් අනුරට 7යි! සජිත්ට 2යි!

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය – 312,441
සමගි ජන බලවේගය – 109,691
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 26,309
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 12,373
සර්වජන බලය – 7,602

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 07ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 2ක් හිමිවිය.

අනුරපුරෙන් අනුරට 7යි! සජිත්ට 2යි! රනිල් එක්ක ගිය චන්ද්‍රසේනලා ගෙදරම යවයි!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 331,692

සමගි ජන බලවේගය – 98,176

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 29,961

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,248

සර්වජන බලය – 6,008

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 07ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගට මන්ත්‍රී ධුර 2ක් හිමිවිය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වූ එස්.එම්. චන්ද්‍රසේන ඇතුලු කණ්ඩායම මෙවර පරාජයට පත්ව ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka